.
Powered by Blogger.

 #prajaAbhilashanetwork#visuramedia #youthmediateam #alternativemedia #GotaGoHome2022 https://fb.watch/elkA6vlSFA/ රනිල් අපේ හඩට සවන් දෙන්න - පරිසර සංවිධාන එකමුතුව . මාධ්‍ය සාකච්ජාව ගෝටා ගෝ ගම ...

Read more »

 The concept and practice of Self Sufficient Small Scale Food Producer Units[SSSSFPU] have been introduced to rural women in Polpithigama area with the commitment of Praja Sahayogitha Sansadaya ...

Read more »

ඉන්දීය මුහුදු කොල්ලයට දෙන ඇමැති විසඳුම් ගැන NGO විශ්වාසය: උතුරු මුහුදට සහ ධීවර ප්‍රජාවට බලපා ඇති ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා අර්බුදයට විසඳුම් ඉල්ලා සිටිමින්, කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයේ යෙදුණූ උ ...

Read more »

BATTICALOA, DEVELOPMENT, ECONOMY, POLITICS AND GOVERNANCE RUKI FERNANDO AND HERMAN KUMARA on 07/11/2016 Sinhalese tourists visit the underground bunker of LTTE leader Vel ...

Read more »

Give our Land Back" This is voice of Panama people. They organized program series to protect and demand their Land rights on 21 of June .Most of people from Jaffna,Mannar,Trincomalee,Killinochchi, ...

Read more »

Education on Land rights protection programs were  conducted  on 08 to 10 of June at Panama .Transparency International Sri lanka facilitated the program and organized by NAFSO and Panam ...

Read more »

How Ocean pollution affects Humans,How we protect the environment. Exhibition was taken  place from 03 to 05 of June at Prasansaramaya Deyagala.NAFSO Youth unit displace one stole to educated ...

Read more »

Media and civil organizations in Sri Lanka staged a protest on 04 of June in front of the Negombo bus stand to protest the Thursday's mob attack on the Convener of the web Journalists Association ...

Read more »
Latest Post

"උපරිමය කරන්නට" කාන්තා කටයුතු ඇමතිනියගෙන් කාන්තාවන්ට පොරොන්දුවක් !

Written By Freedam to the nation resettlement of IDPs on Friday, April 1, 2016 | 11:49 PM

Human rights news net 




















මෙරට කාන්තාවන්ගේ යහපැවැත්ම සහ ආරක්‍ෂාව සඳහා ජාතික කාන්තා ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බව පවසන ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය අනුබද්ධ කාන්තා සම්මේලනය, එම අවශ්‍යතාවය කඩිනමින් ඉටුකරවා ගැනීම සඳහා පසුබිම්වන සාදක හා තොරතුරු ඇතුලත් යෝජනාවලියක් මෙරට ළමා සහ කාන්තා කටයුතු භාර ඇමතිනිය වෙතට භාරදුන් අතර, එම අවශ්‍යතාවය සඳහා තමන්ට කළ හැකි උපරිමය ඉටුකරන බවට ධීවර කාන්තා සම්මේලනයේ සාමාජීකාවන් හට පොරොන්දු විය.
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශය විසින් සිය කාන්තා සම්මේලනයේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 29 වෙනිදා ළමා හා කාන්තා කාටයුතු භාර ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරනායකගේ සහභාගීත්වයෙන් යුතුව, කොළඹ මහවැලි කේන්ද්‍රයේදි කාන්තා දිනය සමරන්නට විය.

"ජාතික කාන්තා ප‍්‍රතිපත්තියක් පිහිටුවා ගැනීමට දායක වෙමු" යන්න සිය කාන්තා දින තේමාව යැයි සඳහන් කළ ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශයේ  සම්බන්ධීකාරිකා ලවීනා හසන්ති විසින් කාන්තා දින සභාව අමතමින්, ලංකාවේ ජනගහනයෙන් සියයට 52ක්ම කාන්තාවන් වුව ද සියලූ ක්‍ෂේත‍්‍රයන් නියෝජනය කරන ඔවුන් තවමත් අනාරක්‍ෂිත යැයි පැහැදිළි කළේය. 
 
"කාන්තාව බලසතුකරණය තුළින් තීන්දු තීරණ ගන්නා සෑම ස්ථරයකම කාන්තාවන්ගේ සහභාගිත්වය වර්ධනය කරමින් කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම හා ආහාර ස්වෛරීත්වය සහතික කරන, ජාතික කාන්තා ප‍්‍රතිපත්තියක් ගොඩනැගීම" සිය කාන්තා සම්මේලනයේ ප‍්‍රමුඛතම අවශ්‍යතාවය යැයි ඇය කීහ.

මෙම මුඛ්‍ය අවශ්‍යතාවය තුළ, ළමා අපචාර/කාන්තා හිංසනය/මත්ද්‍රව්‍යවලට එරෙහිව ඔක්තෝම්බර් 01 වන දින ආරම්භ කරන ලද අත්සන් ව්‍යාපාරයේ අත්සන් 10,000 ක් සහිත යෝජනාවලිය ද ජාතික කාන්තා ප‍්‍රතිපත්තියක් ගොඩනැගීම සඳහා ග‍්‍රාමීය සහ දිස්ත‍්‍රික් මට්ටමේ කාන්තාවන්ගේ මැදිහත්වීමෙන් සකස් කරන ලද යෝජනාවලිය ද ආහාර ස්වෛරීත්වය සහ විශේෂයෙන් උතුරු නැගෙනහිර කාන්තාවන් මුහුණ දෙන ගැටළු ඇතුලත් වාර්තාවක් ද ඇමතිනිය වෙත භාර දෙනු ලැබිණි.
 

එම වාර්තාවන් භාරගැනීමෙන් අනතුරුව සභාව ඇමතු කාන්තා කටයුතු ඇමතිනි චන්ද‍්‍රානි බණ්ඩාර විසින් පොරොන්දුවක් ලබාදෙමින් කියා සිටියේ කාන්තා සම්මේලනය විසින් ඉදිරිපත් කරනු ලැබු යෝජනාවන් වෙත සිය පූර්ණ අවධානය යොමුකරමින් කළ හැකි උපරිමයක් ඉටුකරන බවයි.

එමෙන්ම, කාන්තාවන් දේශපාලන ක්‍ෂේත‍්‍රයට එක්කර ගැනීමේ ප‍්‍රතිශතය වර්ධනය කරගැනීම සඳහා මේ වන විටත් පාර්ලිමේන්තුව තුළ පනතක් සම්මත කරගෙන තිබෙනව බව සිහි ගැන්වීය.
 

විදේස්ගත කාන්තාවන්ගේ පවුල්වල ඇතිවන ප‍්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව සඳහන් කළ ඇමතිනි බණ්ඩාර තවදුරටත් කියා සිටියේ විදෙස් ශ‍්‍රමිකයින් ලෙසට කාන්තාවන් විදෙශ් ගතවීම හැකිතාක් අවම කර, විදෙස්ගතවනවා වෙනුවට ලංකාව තුළම ඔවුන්ට ඉපැයීම් මාර්ගයන් සොයා දිමට පියවර ගනිමින් සිටින බවයි.

මේ සඳහා නොයෙකුත් පියවරයන් ගනිමින් සිටින බවත් එක්සත් ජාතින්ගේ කාන්තා සංගමයේද සහය පතා ඇති බවත් සඳහන් කළේය. 

පිංතුර  -  ජාතික ධිවර සහයෝගිතාවය
-මෙලනි 

1234567 Next

Label 1

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Freedom to the Nation - Resettlement of IDP - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger