Home » » නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා වන මහජන අදහස් විමසීම -

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා වන මහජන අදහස් විමසීම -

Written By Freedam to the nation resettlement of IDPs on Monday, January 18, 2016 | 9:13 PM

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා වන මහජන අදහස් විමසීම - 1

සමස්ත රටම ඒකරාශි කරගනිමින් රටටත් ,රටේ ජනතාවටත් සුභ සිද්ධවන නව ව්‍යවස්ථාවක් සැකසිය යුතුය යන ශ‍්‍රී ලංකා අගමැතිවරයාගේ අදහස ක‍්‍රියාත්මක කරමින්, අද දින (18) කොළඹ දිස්ත‍්‍රික්කයේ මහජන අදහස් විමසීම, කොළඹ 02, ස්ටේපල් විදියේ ,  සවිසුම්පායේ පිහිටි ලේකම් කාර්යාලයේදි පෙරවරු 9.30 ට ආරම්භ විය. 


අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට ජනතාවට ලබාදී ඇති අවකාශය ප‍්‍රයෝජනයට ගනිමින් මීගමුව ජාතික ධීවර සහයෝගිතාවය, සිය හවුල්කාර සංවිධාන, පුරවැසි කමිටු , ධීවර කමිටු සහ දිස්ත‍්‍රික් කමිටු නියෝජිතයින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා යෝජනා ඉදිරිපත් කරවීමට උනන්දු කරවා තිිබිණි.
  
ඒ අනුව, යාපනය ත‍්‍රිකුණාමලය මන්නාරම අම්පාර ගාල්ල කළුතර පුත්තලම කුරුණෑගල පොලොන්නරුව සහ කොළඹ යන දිස්ත‍්‍රික්කවල ධිවර සහයෝගීතාවය හා සම්බන්ධ සාමාජිකයින් විසින් සිය ක්‍ෂේත‍්‍රය පිළබඳව ලිඛිතව සකස් කළ සිය යෝජනා භාර දුන් බව ජාතික ධීවර සහයෝගීතාවය පවසයි. 

දකුණේ ධීවර සහයෝගිතාවයේ ප‍්‍රාදේශිය කමිටු ලේකම්වරිය අදහස් දක්වමින් "කුඩා ධීවරයාට සිදුවෙන අසාධාරණයත් තහනම් ආම්පන්න නිසා සාගරයට සිදුවන විනාශයත් නැතිකරන්නට අවශ්‍ය විධි විධාන ගැනීම අවශ්‍යයැයි මා යෝජනා කළා." යැයි පැවසීය.  

"වෙරළාසන්න ධීවරයා සම්බන්ධව මීට වඩා සිතිය යුතු බවත් වෙරළ තීරය තුළ ඉඳිකිරීම් සිදුකිරිමේදි වෙරළාසන්න ධීවරයාට අසාධාරණයක් නොවන ආකාරයෙන් ඒවා ඉඳිකළ යුතු බවටත් මම යෝජනා කළා.  ඒ වගේම අද බහුලව අසන්නට ලැබෙන ලමා අපචාර එමෙන්ම කාන්තා හිංසනය හා මත්ද්‍රව්‍ය උවදුර නැතිකිරිමට පියවර ගන්නා ලෙසටත්  ඊට හවුල් වන පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් කරන ලෙසට විධි විධාන සැකසිය යුතු යැයි මම යෝජනා කළා." යැයි කළුතර සිට පැමිණ සිටි දමයන්ති මෙනවිය ප‍්‍රකාශ කළා. 

මහජන අදහස් විමසීමේ පළමු දවසේ ප‍්‍රතිචාරය වඩා යහපත් බවත් විද්වතුන් මෙන්ම රටේ ජීවත්වන සාමාන්‍ය ජනතාවද පැමිණ මේ සඳහා සිය අදහස් ලබාදීම වැදගත් බවත් , එය අපේක්‍ෂා කරන බවත් කමිටුවේ සභාපති අධිනිතිඥ ලාල් විජේනායක පැවසීය.

කමිටුව සමග සම්බන්ධ විය හැකි ආකාර-

දුරකථන – 0112437676
ෆැක්ස් – 0112328780
ඊමේල් – constitutionalreforms@gmail.com
වෙබ් – www.yourconstitution.lk

තැපෑල -
සභාපති
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබද මහජන අදහස් විමසීමේ කමිටුව
ලේකම් කාර්යාලය,
කොළඹ 02.


Pictures-NAFSO
-මෙලනි

Share this article :

Post a Comment

Blog Archive

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Freedom to the Nation - Resettlement of IDP - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger