Home » » ත්‍රස්ත මර්ධන පනත යොදා හිරිහැර කිරීම නවතන්න'

ත්‍රස්ත මර්ධන පනත යොදා හිරිහැර කිරීම නවතන්න'

Written By Freedam to the nation resettlement of IDPs on Wednesday, March 26, 2014 | 9:47 PM


අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 25 අඟහරුවාදා - 18:09 GMT

'අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් හමුවීම සඳහා ඔවුන්ගේ මව්පියන්ට, නීතිවේදියන්ට අවසර දිය යුතුයි'
කොටි සංවිධානය නැවතත් බිහි වීමේ අවදානමක් පවතින බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම ක්‍රියාත්මක කළ යුතු බවට ආණ්ඩුව මතු කරන තර්කය සැඟවුණු න්‍යායපත්‍රයක් මත සිදුවන්නක් බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.
ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරයේ සාමාජිකයින් ඇතුළු ක්‍රියාධරයන් එම චෝදනාව එල්ල කළේ අඟහරුවාදා පෙරවරුවේ කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවයකට එක් වෙමින්.
වත්මන් රජය විරුද්ධ මතධාරීන් මර්දනය කිරීම සඳහා යොදා ගන්නා බවයි, එහිදී අදහස් දැක්වූ අතුරුදන් වුවන්ගේ අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේ.
"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට නො හැකි නම් ඊට මානුෂික මුහුණුවරක් ලබා දිය යුතුයි. එම පනත යටතේ අත් අඩංගුවට ගන්නා පුද්ගලයින් හමුවීම සඳහා ඔවුන්ගේ මව්පියන්ට, නීතිවේදීන්ට අවසර දිය යුතුයි," යනුවෙන් බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේය.

'වින්දිතයන් පෙළීමට'

'ත්‍රස්ත මර්ධන පනත තිබෙන්නේ රජයේ වුවමනාවටයි'
එල්ටීටීඊය යලි හිස ඔසවන බවට පළ වන වාර්තා ආණ්ඩුවේ අවශ්‍යතාවය මත සිදු වන්නක් බවයි, ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ශක්තිවේල් පියතුමා මේ අතර කියා සිටියේ.
"උතුරේ විශාල වශයෙන් රඳවා සිටින හමුදා තවදුරටත් රඳවා ගැනීම සඳහා තමයි රජය මේ වගේ කතා කියන්නේ," යනුවෙන්ද ශක්තිවේල් පියතුමාසඳහන් කළේය.
විරෝධතාවයට එක් වී සිටි අතුරුදන් වී සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ අදහස් දක්වමින්, වින්දිතයන් පෙලීම සඳහා ත්‍රස්ත මර්ධන පනත යොදා ගැනීම හෙලා දකින බව කියා සිටියාය.
කිලිනොච්චියේ බාලේන්ද්‍රන් ජෙයකුමාරි අත්අඩංගුවට ගැනීම තුලින් එය මනාව පැහැදිලි වන බවයි, ඇය කියා සිටියේ.
උද්ඝෝෂකයින් ගේ චෝදනා ප්‍රතික්ෂේප කරන ජනාධිපති නීතිවේදී හේමන්ත වර්ණකුලසුරිය බීබීසී සංදේශයට කියා සිටියේ ජාතික ආරක්ෂාව තකා මෙම පනත පවත්වා ගෙන යාම අත්‍යවශ්‍ය බවයි.
"මේ නීතිය ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව, ඇමරිකාව වැනි රටවල තිබෙනවා නම් ඇයි අපට විතරක් මේ නීතිය පවත්වා ගෙන යන්න බැරි," යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි.
විරෝධතාවය පැවති අවස්ථාවේ කොළඹ අධිකරණ සංකීර්ණය අවට පොලිස් ආරක්ෂාව තර කොට තිබුණි.
Share this article :

Post a Comment

Blog Archive

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Freedom to the Nation - Resettlement of IDP - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger